Burial Or Cremation?



 මෙරට කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සෞඛ්‍ය නීතිවලට යටත්ව ගතයුතු බව මල්වතු හා අස්ගිරි විහාර පාර්ශ්ව පෙන්වා දෙනවා.

මල්වතු පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් ආදාහනය ද? භූමදානය ද කියලා තීරණය ගන්නේ විශේෂඥවරු බවත්, ඒ කටයුතුවලට බාධාවක් හිරිහැරයක් නොකළ යුතු බවත්, ඊට සෑම ජාතිකයෙකුම හා ආගමිකයෙකුම එකමුතුව සහය පළකළ යුතු බවත් පවසනවා.

ආසාදිතයන්ගේ දේහ පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය තීරණය කිරීමේ දී ආණ්ඩුව කිසිදු බලපෑමකට යටත් නොවිය යුතු බවත්, ඇතැම් දේශපාලකයන් මෑතකාලයේ එය තමන්ගේ වාසිය සඳහා හරවා ගත් ප්‍රශ්නයක් බවට පත් කර ඇති බවත්, කොවිඩ් වසංගතය අතරතුර තවත් වසංගතයක් සමාජගත කරන්න දරන උත්සහයක් බවත් අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පුජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් පවසනවා.

-cnewsmail.com

Comments