Posts

Burial Or Cremation?

Image
  මෙරට කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සෞඛ්‍ය නීතිවලට යටත්ව ගතයුතු බව මල්වතු හා අස්ගිරි විහාර පාර්ශ්ව පෙන්වා දෙනවා. මල්වතු පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් ආදාහනය ද? භූමදානය ද කියලා තීරණය ගන්නේ විශේෂඥවරු බවත්, ඒ කටයුතුවලට බාධාවක් හිරිහැරයක් නොකළ යුතු බවත්, ඊට සෑම ජාතිකයෙකුම හා ආගමිකයෙකුම එකමුතුව සහය පළකළ යුතු බවත් පවසනවා. ආසාදිතයන්ගේ දේහ පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය තීරණය කිරීමේ දී ආණ්ඩුව කිසිදු බලපෑමකට යටත් නොවිය යුතු බවත්, ඇතැම් දේශපාලකයන් මෑතකාලයේ එය තමන්ගේ වාසිය සඳහා හරවා ගත් ප්‍රශ්නයක් බවට පත් කර ඇති බවත්, කොවිඩ් වසංගතය අතරතුර තවත් වසංගතයක් සමාජගත කරන්න දරන උත්සහයක් බවත් අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පුජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් පවසනවා. -cnewsmail.com

ධම්මික පැණිය හෙවත් කෑගල්ලේ කොවිඩ් ඔසුවට ආයුර්වේද අනුමැතිය

Image
  කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොවිඩ් මර්දන දේශීය ඖෂධයට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ, සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. එම ඖෂධයට රජයේ අනුමැතියක් හිමිව තිබේ දැයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙක් විසින් අසන ලද පැනයට පිළිතුරු දෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව තහවුරු කළා. ස්වාධීන කැමැත්තෙන් ඖෂධය ලබා ගන්නා අය වළක්වන්න බෑ. මොකද දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ඔවුන් එය ආහාර සංඝටකයක් ලෙස ඔවුන්ට අනුමැතිය ලබාදීලා තියෙනවා. එයට විරුද්ධ වීමට අපට හැකියාවක් නෑ.   එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියා. එනිසා ස්වාධීන කැමැත්ත මත ඖෂධය ලබා ගැනීම වළක්වාලීමට අවස්ථාවක් නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. File Source :  http://www.cnewsmail.com/singelnews.php?id=126